fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිමෙන්තිවල ශක්තිය ඉහළ නැංවිය හැකි රසායනිකයක් සොයා ගනී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2023 17:39

සිමෙන්තිවල ශක්තිය ඉහළ නැංවිය හැකි රසායනිකයක්  සොයා ගනී

සිමෙන්ති හා රබර් නිෂ්පාදනයයේ දී එහි ශක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය නව රසායනිකයක්, හඳුන්වා දීමට බෝගල ග්‍රැෆයිට් සමාගම සමත් වී තිබෙනවා.

බෝගල ග්‍රැෆයිට් සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන මෙම ග්‍රැෆයින් ඔක්සයිඩ් (GRAPHENE OXIDE) නැමැති රසායනිකය අද (21) පෙරවරුවේ තාක්ෂණ අමාත්‍යාංශයේ දී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට හඳුන්වා දෙනු ලැබුවා.

බෝගල ග්‍රැෆයිට් සමාගමේ පාලනාධිකාරිය විසින් ග්‍රැෆයින් ඔක්සයිඩ් (GRAPHENE OXIDE) නම් රසායනිකය අමාත්‍යවරයාට හඳුන්වා දුන් අතර එම රසායනිකය යොදා සිදුකරන පර්යේෂණ නිෂ්පාදන සම්බන්ධයෙන්ද ඔහුව දැනුවත් කෙරුණා.

ග්‍රැෆයින් ඔක්සයිඩ් (GRAPHENE OXIDE) රසායනිකය, සිමෙන්ති, රබර්, ප්ලාස්ටික් නිෂ්පාදනයයේ දී අගය එකතු කළ නිෂ්පාදන ලෙස හඳුන්වා දීමට හැකි බව පවසන එම සමාගම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, දැනට සිදුකරන පර්යේෂණ සාර්ථක උවහොත් මෙරට සිමෙන්ති නිෂ්පාදනයේදීත්, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනයයේදීත්, එම රසායනිකය යොදා ගැනීමට හැකිබවයි.

අදාල රසායනිකය, GRAPHENE රසායනිකයට පහළ ශක්ති මට්ටමක පවතින රසායනිකයක් වන අතර GRAPHENE යකඩ මෙන් දෙසීය ගුණයක් හා තඹ ලෝහය මෙන් සිය ගුණයක විද්‍යුත් සන්නායකතාවය සහිත ශක්තිමත් රසායනිකයක් බවත් එම රසායනිකය සිමෙන්ති හෝ රබර් සඳහා මිශ්‍ර කිරීමට නොහැකි බවත් සමාගම පවසනවා.

එහෙත් බෝගල ග්‍රැෆයිට් සමාගම මගින් නිෂ්පාදනය කර තිබෙන්නේ ග්‍රැෆයින් ඔක්සයිඩ් (GRAPHENE OXIDE) රසායනිකය වන අතර එම රසායනිකයේ විශේෂත්වය වන්නේ සිමෙන්ති හෝ රබර් සමග මිශ්‍ර කිරීමට හැකි වීම බවත් එමෙන් ම එය සිමෙන්ති හා රබර් නිෂ්පාදනයයේ දී එහි ශක්තිය වැඩි කිරීමට ද යොදා ගත හැකි බවයි බෝගල ග්‍රැෆයිට් සමාගම පෙන්වා දෙන්නේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2023 17:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44