fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෛත්‍රීට සහ දයාසිරිට අතුරු තහනම් නියෝගයක්

hasiniek
By hasiniek පෙබරවාරි 21, 2023 14:49

මෛත්‍රීට සහ දයාසිරිට අතුරු තහනම් නියෝගයක්

ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිනි චමාලි පෙරේරා වෙනුවට වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන් අද (21) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කිසිදු විනය ක්‍රියාමාර්ගයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථාවට පටහැනිව සිය මන්ත්‍රී ධුරය ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට සූදානම් බවට වන පෙත්සමක් අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි විසින් ගොනුකර තිබුණා.

ඊට අදාළ පෙත්සම අද කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම අතුරු තහනම් නියෝගය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරට එරෙහිව නිකුත් කරනු ලැබුවා.

එම අතුරු තහනම ලබන මාර්තු 3 වනදා දක්වා බලපැවැත්වෙනවා

hasiniek
By hasiniek පෙබරවාරි 21, 2023 14:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්