fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එකලස් කර සකස් කරන ලද , කෝටියක් වටිනා ජීප් රථයක් සොයා ගනී

hasiniek
By hasiniek පෙබරවාරි 21, 2023 14:32

එකලස් කර සකස් කරන ලද , කෝටියක් වටිනා ජීප් රථයක් සොයා ගනී

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් නීතිවිරෝධී අයුරින් කොටස් එකලස් කර සකස් කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් හලාවත මැරවල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

චැසි හා එන්ජින් අංක නීති විරෝධී අයුරින් ඇතුළත් කල සුඛෝපභෝගී ජීප් රථයක් තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි මෙම රථය සොයා ගෙන ඇත්තේ.

ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එය පරිහරණය කළ බව කියන පුද්ගලයා සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බවත් පොලිසිය කියා සිටියා.

ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම ජීප් රථය මීට මාස 6කට පමණ ඉහත දී මිළ දී ගත් බවත් , ආදායම් බලපත්‍රය ලබා ගැනීමට ගිය අවස්ථාවේ ද ඇති ඇතිවූ ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් ඒ පිළිබඳ ජීප් රථය විකුණූ පුද්ගලයාට පැවසීමෙන් අනතුරුව එය සකස් කර දෙන බවට පොරොන්දු වී ඔහු සියළුම ලිපි ලේඛන ගත් බවද හිමිකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

එම පුද්ගලයා ජීප් රථය මිලදී ගත් බව කියන ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයා වාහන ජාවාරම්කරුවකු බවත් ඔහු වංචනික ක්‍රියා රැසකට පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ

ජිප් රථය මේ වනවිට හලාවත පොලීසිය භාරයට පත්කර ඇති අතර වැඩිදුර විමර්ශන පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් සිදුකරනු ලබනවා.

hasiniek
By hasiniek පෙබරවාරි 21, 2023 14:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්