මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 261ක වැඩකටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.
මෙම ව්‍යාපෘතීන්හි පසුගිය වසරේ සිව්වන කාර්තුව අවසන් වන විට ප්‍රගතිය මුදල් ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. ව්‍යාපෘති බහුතරයක ප්‍රගතිය ඉතාමත් පහළ මට්ටමක පවතින බවයි එහිදී හෙළිවුණේ. ඒ අනුව අදාළ ව්‍යාපෘති සිදුකරගෙන යාම සදහා ජාතික මෙහෙයුම් මැදිරිය මගින් සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.