ඥානසාර හිමි ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා කැඳවීමට නියෝග
Related Articles
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 7 දෙනෙකුට එරෙහි නඩුව නීතිපති උපදෙස් සදහා ලබන ජුනි 14 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ජාතික බලසේනා සංවිධානය පවත්වමින් තිබූ මාධ්‍ය සාකච්ඡාවකට බලපෑම් කිරීම හා ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ මාධ්‍යයට පළ කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේයි මෙම නඩුව පවරා තිබුණේ. අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ පොලීසිය පැවසුවේ නීතිපති උපදෙස් ලැබී නැති බවයි. ඒ අනුවයි නඩුව නීතිපති උපදෙස් සදහා ජුනි 14 වනදා කැදවීමට නියෝග කෙරුණේ. මෙම සිද්ධියට අදාළව ඇප මත සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු හිමිවරුන් අධිකරණයේ අද පෙනී සිටියා.