fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව ජපන් ජාතිකයන් අතර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2023 13:25

ශ්‍රී ලංකාව ජපන් ජාතිකයන් අතර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය ශ්‍රි ලංකාව ජපන් ජාතිකයන් අතර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ජපානය පුරා ශ්‍රී ලංකාවේ තේ/ මැණික්/ යෝග / ආයුර්වේද ආදිය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බවයි ටෝකියෝ නුවරදී පැවති මාධ්‍ය හමුවකදී ජපානයේ ශ්‍රීලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ජගත් රාමනායක මහතා පැවසුවේ.

ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය වන ආකාරයේ කුඩා සැණකෙලි මාලාවක්ද ජපානය තුළ පැවැත්වීමට නියමිතයි.

ලොවපුරා ව්‍යාපාරික ප්‍රජාවන් සම්බන්ධ කර ගනිමින් ශ්‍රි ලංකාව ප්‍රවර්ධනය වන ආකාරයේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බව කවුන්සිලයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂ සජීව් රාජපුත්‍ර මහතා මෙහිදී සදහන් කළා.

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ විසිවන සංවත්සරය මේ වසරට යෙදෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2023 13:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44