සරණ ගුණවර්ධනට අධිකරණයෙන් දුන් නියෝගය
Related Articles
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන තුනක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව සරණ ගුණවර්ධන මහතා රුපියල් 30,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.
2006 අගෝස්තු මස 01 වනදා සිට 2007 වසරේ ජූලි 31 වන දින දක්වා කාල සීමාව තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන තුනක් අවභාවිතා කිරීම මගින් රුපියල් 3,510,000 ක් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.