fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

UPDATE : වන්දනා බස් රථයට යට වී සිටි තවත් තරුණයෙකුගේ සිරුරක් සොයාගැනේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2023 10:13

UPDATE : වන්දනා බස් රථයට යට වී සිටි තවත් තරුණයෙකුගේ සිරුරක් සොයාගැනේ

නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වී තිබූ තරුණයෙකුගේ සිරුරක්  අද(20) උදැසන ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මියගිය තරුණයා හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්.

බස් රථ අනතුරෙන් 26 දෙනෙකු තුවාල ලබා  කාන්තාවන් දෙදෙනෙකු ඊයේ(19) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් වූ සිටි අතර , එම බස් රථයේ පැමිණි එක් අයෙකු අතුරුදහන් වී ඇති බවට සැල වීමත් සමඟ අද(20) උදැසන යුධ හමුදා භට පිරිස් සහ පොලිස් නිලධාරින් එක්ව බස් රථය පරික්ෂා කිරිමේදි අතුරුදහන්ව සිටි බස් රථයේ පැමිණි තරුණයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

බස් රථයට යට වි මියගොස් සිටි තරුණයාගේ සිරුර වටවල ප්‍රාදේශීය රෝහල වෙත යැවීමට ආරක්ෂක අංශ නිලධාරීන් පියවර ගැනුණා.

මහරගම ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් ගමන් ගත් බස් රථය නෝර්ටන් බ්‍රිජ් ගිනිගත්හේන මාර්ගයේ ඇට්ලස් ප්‍රදේශයේ දී අඩි 225ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගිනිගත්හේන දෙසට ධාවනය වූ බස් රථය වෙනත් වාහනවලට ඉඩදීමට යාමේදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

සිද්ධියෙන් කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර රියදුරු රිය සහායක ඇතුළු 25 දෙනෙකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය හා මහනුවර රෝහල් වෙත මාරුකර යැවීමටයි කටයුතු කෙරුණේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2023 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්