fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පින්නවල අලි සංරක්ෂණාගාරයට පැමිණෙන සංචාරකයින්ට පහසුකම් සැපයීමට විශේෂ වැඩපිලිවෙලක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2023 15:49

පින්නවල අලි සංරක්ෂණාගාරයට පැමිණෙන සංචාරකයින්ට පහසුකම් සැපයීමට විශේෂ වැඩපිලිවෙලක්

පින්නවල අලි සංරක්ෂණාගාරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමට විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා.

අලි ඇතුන්ගේ ජීවන රටාව පිළිබඳ හැදෑරීමට බොහෝ දෙනෙකු පින්නවල අලි සංරක්ෂණාගාරයට පැමිණෙනවා. එම සත්වයින්ගේ ජීවන චක්‍රය, හැසිරීම් මෙන්ම ශරීර පිහිටීම පිළිබඳ හැදෑරීමට කැමැත්තක් දක්වන දෙස් විදෙස් සංචාරකයින් ද මේ අතර සිටින බවයි පින්නවල අලි සංරක්ෂණාගාර නිලධාරින් පවසන්නේ. විදෙස් සංචාරකයින්ට මෙන්ම පාසල් හෝ විශ්වවිද්‍යාල සිසුන්ට මේ පිළිබඳ දැනුම ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා සඳහන් කළා. 1975 වසරේ පෙබරවාරි 16 වනදා වනාන්තරයේදී මව මගහැරීමෙන් අතරමංව සිටි පැටවුන් 05 දෙනෙකුගෙන් ආරම්භ කළ පින්නවල අලි සංරක්ෂණාගාරය අක්කර 23කින් සමන්විතයි. අලි ඇතුන් අභිජනන මධ්‍යස්ථානයක් මෙන්ම එම සතුන්ට ප්‍රතිකාර කිරිමේ මධ්‍යස්ථානයක් ලෙසින් සංවර්ධනය වූ මෙම ස්ථානය දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන ආකර්ශනීය නැරඹුම් ස්ථානයක්.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2023 15:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්