ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන නියෝජිතයින් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
Related Articles
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත් වන සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය දරමින් පිරිසක් වෙනත් පක්ෂ වලින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම්ව සිටිනවා. එලෙස ඉදිරිපත්වන නියෝජිතයින් 120 දෙනෙකුගේ පමණ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ අනුව පක්ෂ නීති සහ ප්‍රතිපත්තිවලට අනුව ඔවුන්ගේ සාමාජිකත්වය අත්හිටුවීමට අදාළ ලිපි අදාළ නියෝජිතයින් වෙත මේ වන විට යොමුකර ඇති බවයි පොදුජන පෙරමුණ සදහන් කරන්නේ.