fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය අරන් වන්දනාවේ ගිහින් කොටු වූ තරුණයෝ

hasiniek
By hasiniek පෙබරවාරි 19, 2023 11:18

මත්ද්‍රව්‍ය අරන් වන්දනාවේ ගිහින් කොටු වූ තරුණයෝ

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදස්ථානය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 35 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා පවසනවා.

ඒ අතරින් තරුණයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ, හදිසි මාර්ග බාධක යොදා ශ්‍රිපාද වන්දනාකරුවන් රැගෙන එනු ලබන රථ වාහන පරීක්ෂා කිරීමේදීයි .

ඒ සඳහා පොලිස් සුනඛයින්ද යොදා ගත් බව ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

ගංජා , ගංජා මිශ්‍ර මදන මෝදක, මත් පෙති, හෑෂ්මත් ද්‍රව්‍ය ඔවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

hasiniek
By hasiniek පෙබරවාරි 19, 2023 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්