ජනරජ පෙරහැර අද පස්වරුවේ
Related Articles
75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් මහනුවර නගරයේදී අද (19) ජනරජ පෙරහරක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
පෙරහරේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට නියමිතයි. මහනුවර මගුල් මඩුව භූමියෙන් ආරම්භ වන පෙරහර දළදාවීථිය, යටිනුවර වීථිය, කන්ද වීථිය ඔස්සේ පැමිණ රජ වීථියට පිවිස යළි මාළිගාවට ගෙවදීමෙන් අවසන් වනවා. වාර්ෂික ඇසළ පෙරහර මෙන්ම අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම්වලින් සමන්විතව මෙම පෙරහර ද පැවැත්වීමට නියමිතයි. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් මෙය සංවිධාන කර තිබෙනවා. අද සවස 6.30 ට ආරම්භ වන ජනරජ පෙරහැර සදහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම්ව පවතිනවා. දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම විදේශීය තානාපතිවරුන් ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් ද මීට එක්වන බවයි වාර්තා වන්නේ.
රටේ සුවිශේෂී අවස්ථාවලදී රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධාන කිරීම අවස්ථා කිහිපයකදීම සිදු වුණා. මේ අයුරින් සංවිධාන කළ පළමු පෙරහර පවත්වා ඇත්තේ 1875 වසරේදීයි. අවසන් වරට ජනරජ පෙරහරක් පවත්වා ඇත්තේ 1987 වසරේදීයි. ඒ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට අනුවයි. මේ අනුව මෙවර ජනරජ පෙරහරක් පවත්වන්නේ වසර 34 කට පසුව වීම විශේෂත්වයක්.
මේ අතර අද පැවැත්වෙන ජනරජ පෙරහැර හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා සදහන් කළේ අද පස්වරු 4.30 සිට මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි. පොලිස් නිලධාරීන් 3000ක් පමණ යොදවමින් විශේෂ ආරක්ෂක සැලැස්මක්ද හෙට දිනයේදී ක්‍රියාත්මක කෙරෙනවා.