fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙම වසරේ ඇමෙරිකාව තුළ සමූහ වෙඩි තැබීම් 73ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 17:51

මෙම වසරේ ඇමෙරිකාව තුළ සමූහ වෙඩි තැබීම් 73ක්

මේ වසරේ ඇමෙරිකාව තුළ සමූහ වෙඩි තැබීම් 73ක් සිදුව ඇති බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

නව වසර ආරම්භ වී  මාස දෙකක් තුළ මෙතරම් වෙඩි තැබීම් සිදුවීම් සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. අදහස් දැක්වීම් හා යාඤා කිරීම්වලින් ඵලක් නොවන බවත් අවි ආයුධ භාවිතය සම්බන්ධයෙන් නීති දැඩි කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. තුවක්කු පිළිබඳ නීතිය , සංශෝධනය කළ යුතු බවයි ඔහු පවසා ඇත්තේ. මේ අතර අවුරුදු 6ක ගැහැණු දරුවෙකු තම මිත්තණියට වෙඩි තබා ඇති බව ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තාවනවා. කෙසේ වෙතත් වෙඩි තැබිමෙන් මිත්තණියගේ ජීවිතයට කිසිඳු හානියක් සිදුවී නැහැ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්