fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 14:45

මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

පළාත් පාලන ආයතනඡන්ද විමසීම සම්බන්ධයෙන් මේ වන විට පවතින තත්ත්වය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුමදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඡන්ද විමසීම පැවැත්වීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් ලබා නොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට මතුව තිබෙන බාධා සම්බන්ධයෙන් මේ අනුව අධිකරණය දැනුවත් කෙරෙනවා.

මෝසමක් මගින් අදාළ දැනුවත් කිරීම සිදු කිරීමටයි මැතිවරණ කොමිසම තීරණය  කර තිබෙන්නේ.

මේ අතර ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලාය මගින් ප්‍රමාද කිරීම,පොලීසිය රජයේ මුද්‍රණාලයට ආරක්ෂාව ලබා නොදීම මෙන්ම,ඛණිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා නොදීම ආදිය පිළිබදවද මෝසම මගින් දැනුවත් කිරීමට  නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 14:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්