fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉදිකළ රණවිරු ස්මාරකය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 13:13

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉදිකළ රණවිරු ස්මාරකය විවෘත කෙරේ

දිවි පිදූ රණවිරුවන් වෙනුවෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉදිකළ ස්මාරකය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

වසර 41ක් පුරා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ත්‍රිවිධ හමුදාවට විශාල පිරිසක් දායාද කර තිබෙනවා.

ඒ අනුව මෙම විශ්වවිද්‍යාලයෙන් බිහිවී ත්‍රිවිධ හමුදාවේ සේවය කරමින් සිටියදී දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් මෙම ස්මාරකය ඉදි කෙරුණා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විශ්‍රාමික හා සක්‍රිය සේවයේ නිරත විද්‍යාර්තීන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් විශ්වවිද්‍යාලයේ දායකත්වයෙන් රණවිරු ස්මාරකය ඉදිකර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්