fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හදවිල මත පිපි අරවින්දය කෘතිය එළිදැක්වේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 18:44

හදවිල මත පිපි අරවින්දය කෘතිය එළිදැක්වේ

ප්‍රවීණ සිනමාවේදී සනත් ගුණතිලකයන් රචනා කළ හදවිල මත පිපි අරවින්දය හෙවත් අරවින්දට පනදුන් සනත්ගේ කතාව කෘතිය එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනයේදී  කෘතිය එළිදැක්වීම සිදු කෙරුණේ. විරාගය ඇතුළු චිත්‍රපට රැසක අත්දැකීම් මතු පරපුරට දායාද කිරීම සදහා මෙම කෘතිය රචනා කර තිබෙනවා.

චිත්‍රපට නිෂ්පාදනය, තිර රචනය මෙන්ම රංගනයෙන් දායක වෙමින් සනත් ගුණතිලකයන් මෙරට සිනමාවට කළ මෙහෙය පිළිබද මෙහි කරුණු ඇතුළත් වනවා.

එමෙන්ම තිරරචකයාගේ චිත්ත රූපවලට සාධාරණය ඉටු කරන්නේ කෙසේ ද යන්න පිළිබද මෙහිදී සාකච්ඡෘ කර තිබෙනවා.

උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතායි.මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් චිත්‍රපට සංස්ථාවේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 18:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්