චීන ආධාර යටතේ ලැබුණු ඩීසල් තොග ගොවිජනතාව වෙත බෙදාදීම ඇරඹෙයි
Related Articles
චීන ආධාර යටතේ ලැබුණූ ඩීසල් තොග ගොවිජනතාව වෙත බෙදාදීමේ සමාරම්භක උත්සවය අගුණකොල පැලැස්ස අලුත්වැව ඉන්ධන පිරවුම්හලේදී සිදු වුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවර යළ කන්නයේ බණ්ඩි පොහොර මිටියක් රුපියල් දසදහසක් වැනි මිලකට ලබාදීම සදහා රජයේ අවධානය යොමුව තිබෙන බවයි.ෙ
මහජන චීන සමූහාණ්ඩුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 9000 ක් හදිසි ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. මෙම ඩීසල් තොග කෘෂිකර්මාන්තයේ හා ධීවර කර්මාන්තයේ නියැලෙන පිරිස වෙත නොමිලේ ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.
දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ගොවි පවුල් හය ලක්ෂ හැත්තෑය හය දහසකට වැඩි සංඛ්‍යාවකට ඉන්ධන සහනාධාරය ලබාදීමට නියමිතයි. සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙන් හොන් මහතා ද එක් වුණා.
මෙහිදී අදහස් පල කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ චීන රජය ශ්‍රී ලංකාවේ සහායට සෑම අවස්ථාවකම ඉදිරිපත් වී ඇති බවයි.
මේ අතර යල කන්නය සදහා හිගයකින් තොරව පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.