fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කළ මවක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 09:51

අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කළ මවක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කළ 36 හැවිරිදි දෙදරු මවක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මහවස්කඩුව සිරිල් මාවතේ පදිංචිව සිටි චින්තා ප්‍රියදර්ශනී නැමැති දෙදරු මවකුයි. පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවයට යාම සඳහා පැමිණිමෙන් සිටියදි වාද්දුව නොම්මර 1 දුම්රිය ස්ථානයේදී  මෙම අනතුරට ඇය මුහුණ පා තිබෙනවා. මරදාන බලා  ධාවනය වන දුම්රියේ ඇය ගැටී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. දුම්රිය මගී පාලම භාවිත නොකොට දුම්රිය මාර්ගය හරහා දෙවෙනි වේදිකාවට මාරුවීමට ඇය උත්සාහ ගෙන තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්