fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇන්ටාක්ටික් මහද්වීපයේ හිම දියවීම පසුගිය වසරට වඩා සාපේක්ෂව වැඩි වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 16:13

ඇන්ටාක්ටික් මහද්වීපයේ හිම දියවීම පසුගිය වසරට වඩා සාපේක්ෂව වැඩි වෙයි

ඇන්ටාක්ටික් මහද්වීපයේ හිම දියවීම පසුගිය වසරට වඩා සාපේක්ෂව වැඩි ඇති බව විද්‍යාඥයන් අනතුරු අගවනවා.

ගෝලීය උෂණත්වය ඉහළ යාම හේතුවෙන් වසරින් වසර ඇන්ටාක්ටික් මහද්වීපයේ හිම වැස්ම ක්‍රමයෙන් දිය වෙමින් යනවා.

මේ වසරේ හිම දියවීම 1970න් පසු ඇන්ටාක්ටික් මහද්වීපය තුළ වාර්තා වන වැඩිම ප්‍රමාණය ලෙසයි විද්‍යාඥයන් සදහන් කරන්නේ.

පසුගිය වසරේ ඇන්ටාක්ටික් මහද්වීපයේ හිම වැස්ම වර්ග කිලෝ මීටර මිලියන 1.92ක් වු අතර මේ වසරේ එය වර්ග කිලෝ මීටර 1.91ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් විද්‍යාඥයන් අනතුරු අගවන්නේ මුහුදු මට්ටම ඉහළ යා හැකි බවයි.

එබැවින් නැව් ගමනාගමනය සම්බන්ධයෙන් හා ඇන්ටාක්ටික් මහද්වීපය අවට කුඩා දූපත් සැලකිලිමත් විය යුතු බවයි විද්‍යාඥයන් වැඩිදුරටත් පවසන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්