fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුළි කුණාටුවවෙන් නවසීලන්තයේ මිය ගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 15:51

සුළි කුණාටුවවෙන් නවසීලන්තයේ මිය ගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට

ග්‍රෙබ්‍රියල් සුළි කුණාටුව නිසා නවසීලන්තයේ මිය ගිය සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සුළි කුණාටු තත්ත්වය නිසා දස දහසකට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා. බොහෝ නගරවලට තවමත් විදුලිය සහ නළ ජලය හරි හැටි ලැබී නැහැ. ග්‍රෙබ්‍රියල් සුළි කුණාටුව නවසීලන්තයේ උතුරු ප්‍රදේශයට බලපෑ අතර මේ සම්බන්ධයෙන් රජය පූර්ව අනතුරු ඇඟවීම් සිදු කර තිබු හෙයින් සිදුවිය හැකිව තිබු අනතුරු බොහෝමයක් වළක්වා ගැනීමට හැකිවුණා. නවසීලන්තය පසුගිය සතිය පුරාම ග්‍රෙබ්‍රියල් සුළි කුණාටුව නිසා අපහසුතාවයට පත්වු අතර විචාරකයන් පවසන්නේ නවසීල්නත නව අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් අභියෝග රැසකට මුහුණ පා සිටින බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 15:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්