fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Tooth Relic of Buddha කෘතිය අගමැතිට පිලිගැන්වේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 12:10

Tooth Relic of Buddha කෘතිය අගමැතිට පිලිගැන්වේ

ආචාර්ය ධර්මරත්න හේරත් මහතා රචනා කළ ටූත් රෙලික් ඔෆ් බුද්ධා කෘතිය එළිදැක්වීම අරලියගහ මන්දිරයේදී සිදු වුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආචාර්ය ධර්මරත්න හේරත් මහතා රචනා කළ ටූත් රෙලික් ඔෆ් බුද්ධා කෘතියේ විද්‍යුත් ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණා. මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර සුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අනුර මනතුංග යන මහත්වරුන් කෘතිය අගයමින් දෙසුම් පැවැත්වුවා.

විශේෂ අනුශාසනාවක් කළ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්වහන්සේ සදහන් කළේ ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යනයක් සහිතව දළදා වහන්සේ පිළිබදව මෙම කෘතිය රචනා කර ඇති බවයි.

මෙම අවස්ථාවට විදුර වික්‍රමනායක, රොෂාන් රණසිංහ යන අමාත්‍යවරුන් ඇතුළු  රාජ්‍ය නිලධාරීන් සහ විදෙස් දූත මණ්ඩල නියෝජිතයන් එක් වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්