fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මස් පිණිස ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්ඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 11:24

මස් පිණිස ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්ඩංගුවට

කුලියට ගත් වෑන් රථයකින් මස් පිණිස හොර ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු වරකාගොඩ පොලීසිය අත්ඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වරකාගොඩ පෙලිස් වසමේ ගීකියන කන්දවත්ත ප්‍රදේශයේ දිගේලි කර සිටි ගවන් දෙදෙනෙකු හොර රහසේ වෑන් රථයක පටවාගෙන මස් පිණිස රැගෙන ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. මෙම පුද්ගලයා අලුත්ගම දර්ඝා නගරයේ පදිංචිකවෙකු බව අනාවරණය වී තිබෙනවා. පොලීසියට ලැබුණු තොරතුරක් මතයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්