මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් සොරකම්කර වැඩි මිලට විකිණූ පුද්ගලයෙකු අත්අඩංගුවට
Related Articles
මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම්කර පිළිකා රෝගීන්ට අලෙවි කළ සැකකරුවෙකු ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ලද ඖෂධයක් එම රෝහලෙන් සොරකම්කර පිළිකා රෝගීන්ට රුපියල් 21,000ක මුදලකට විකිණීම සම්බන්ධවයි එම සැකකරුව අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ.
පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට මෙම ඖෂධ හිඟ බව පවසමින් රුපියල් 22,000ක මුදලකට විකිණීමට එකඟවී තිබුණා.
පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුව ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නියම කළා.