fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 3දෙනා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 19:18

එක්දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 3දෙනා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට

යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම්වලින් පහර දී එක්දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් තුන්දෙනා ලබන 28 වනදා තෙක් ළමා රැදවුම් මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා.

වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේ පදිංචි රංග විරාජ් ජයසිරි නැමති 34 හැවිරිදි එක්දරු පියෙකුයි මෙම අවාසනාවන්ත සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වුණේ. ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි සිසුවෙක් සිද්ධිය සිදු වූ පසුගිය 14 වනදාම අත්අඩංගුවට ගත් අතර අනෙක් සිසුන් දෙදෙනා පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර සිසුන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බවයි පොලිසිය සදහන් කළේ. යතුරුපැදියකින් නිවස ආසන්නයේ වූ වෙළෙදසැලකට ගොස් එමින් සිටියදී මෙම එක්දරු පියා සමග සිසුන් බහින්බස්වීමක් සිදු කර තිබෙනවා.

එම සිසුන්  අධික වේගයෙන් යතුරුපැදිවලින් ගමන් කරමින් සිටියදී ඔවුනට අවවාද කිරිම හේතුවෙනුයි මෙම බහින්බස්වීම සිදුව ඇත්තේ. සැකකාර සිසුන් ආරක්ෂක  හිස්වැසුම්වලින් විරාජ් ජයසිරිට පහර දී තිබූ අතර ඉන් බරපතළ තුවාල ලැබීමෙන් පසු ඔහු රෝහල්ගත කෙරුණා.

එක් සිසුවෙකු අසළ වෙළෙදසැලක සැගව සිටියදී පොලිස් භාරයට ගත් අතර අනෙක් දෙදෙනා පළාගොස් තිබුණා.

අත්අඩංගුවට ගත් සිසුන් තුන්දෙනා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාකොළ ප්‍රදේශයේ රැදවුම් මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා.

මෙම පහරදීම සිදුකර ඇත්තේ මියගිය විරාජ් ජයසිරිගේ බිරිද සේවය කරන පාසලේම සිසුන් තිදෙනෙකු බවයි වාර්තා වන්නේ. ඔහුගේ කුඩා දියණිය තවමත් මාස 11 ක වයසේ පසුවනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 19:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්