fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ශක්තිමත් කරගැනීමට සාකච්ඡා

hasiniek
By hasiniek පෙබරවාරි 16, 2023 18:56

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ශක්තිමත් කරගැනීමට සාකච්ඡා

ඉන්දු පැසිෆික් ආරක්‍ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්‍ෂක ලේකම් Jedidiah P Royal ප්‍රමුඛ නියෝජිත පිරිස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරුන් අද (16) හමු වී තිබෙනවා.

ඒ කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශදීයි.

එම හමුවේදී එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව කරුණු සාකච්ඡා කළ බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයට අද (16) පැමිණි ඇමෙරිකානු නියෝජිත පිරිස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමු වී තිබෙනවා.

අනතුරුව, ආරක්‍ෂක ලේකම්වරයා එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්‍ෂක ලේකම් සමඟ සුහද සාකච්ඡාවක් නිරත වූ අතර, දෙරට අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා සිහිපත් කෙරුනු අතර ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ කලාපීය ආරක්‍ෂක ස්ථාවරත්වය වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව ද සාකච්ඡා කළ බව සඳහන්.

 

hasiniek
By hasiniek පෙබරවාරි 16, 2023 18:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්