fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක මෙතොදිස්ත කවුන්සිලයේ සාම ත්‍යාගය මෙවර ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 17:14

ලෝක මෙතොදිස්ත කවුන්සිලයේ සාම ත්‍යාගය මෙවර ශ්‍රී ලංකාවට

ලෝක මෙතොදිස්ත කවුන්සිලයේ සාම ත්‍යාගය මෙවර ශ්‍රී ලංකාවේ මෙතොදිස්ත සභාවේ මහ නායක එබනෙසර් ජොසප් හිමිපාණන්ට හිමි වී තිබෙනවා.

රට රටවල සාමය සංහිදියාව සහ යුක්තිය වෙනුවෙන් කැපවූ විශිෂ්ඨ පුද්ගලයන් සදහා ලෝක මෙතොදිස්ත කවුන්සිලයයි මෙම සම්මානය පිරි නමනු ලබන්නේ.

ආසියාවේ මෙම සම්මානය හිමි වු ප්‍රථම පුද්ගලයා වන්නේ එබනෙසර් ජොසප් හිමිපාණන්ය. ලක්ෂ 800කට ආසන්න ලෝකවාසී මෙතොදිස්ත බැදිමතුන්ගේ ගෞරවණීයත්වයට ප්‍රාත වු මෙම සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ වුයේ 1977 දී. එතැන් සිට මේ දක්වා මෙම සාම ත්‍යාගය 38 වතාවක් ලෝකයේ සාමය හා සංහිදියාව වෙනුවෙන් කැපවූ පුද්ගලයින්ට පිරිනමා තිබෙනවා.

කොළඹ නාගරික මුඩුක්කු පැලපත් ජනතාව හා කොළඹ නගරයේ නට්ටාමි ප්‍රජාව සමග ඉතා සමීපව කටයුතු කළ උන්වහන්සේ 83 ජූලි කලබලවල දී නගරයේ දෙමළ ජනතාව ආරක්ෂා කිරිමේ දී විශාල කාර්ය භාරයක් ඉටු කළ අයෙකු බව එම ප්‍රදේශයේ ජනතාව අදත් සිහි කරයි.

1999 සිට 2020 දක්වා උන්වහන්සේ ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම් ධුරය ද හොබවා තිබෙනවා. එබනෙසර් ජොසප් හිමිපාණන් උතුරේ සහ දකුණේ ජනතාව තුළ ජාතික සමගිය පිළිබද සිතුවිලි ගොඩනැගීමට කැප වී ක්‍රියාකර තිබුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්