ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වුණා. ඒ දේශීය වෙළෙදපොල සදහා කාබනික ද්‍රව්‍ය හදුන්වාදීමේ ප්‍රදර්ශනය විවෘත කිරීම සදහායි.
දේශීය වෙළෙදපොල සදහා කාබනික ද්‍රව්‍ය හදුන්වාදීමේ ප්‍රදර්ශනය ත්‍රිකුණාමලය සංස්කෘතික ශාලාවේදී පැවැත්වුණා. ජපානයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන පීස් වින් සංවිධානයයි එය සංවිධාන කර තිබුණේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා එය විවෘත කිරීමේ අවස්ථාවට එක් වුනා. හොදම කාබනික වගාවන් සිදු කළ ගොවීන් ඇගයීම සදහා සම්මාන හා සහතිපත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා.
මෙම උත්සවයෙන් අනතුරුව ආණ්ඩුකාරවරිය සහ ජපාන තානාපතිවරයා අතර හමුවක්ද පැවැත්වුණා.
එහිදී ආණ්ඩුකාරවරිය කියා සිටියේ නැගෙනහිර පළාතේ කෘෂිකර්මාන්තය, පුරාවිද්‍යාව සහ සංචාරක යන අංශ සදහා ජපානයේ නව ආයෝජකයන්ට ආරාධනා කරන බවයි. ත්‍රිකුණාමලය ඛනිජවැලි සංස්ථාවේ ආයෝජන සදහා ජපන් රජය දිරිමත් කරන ලෙස ආන්ඩුකාරවරිය මෙහිදී ඉල්ලීමක්ද සිදු කළා.