කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
Related Articles
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අධිකරණය මෙම නියෝගය සිදුකළේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගොනුකළ පෞද්ගලික පැමිනිල්ලක් කැදවූ අවස්ථාවේයි.
2006 වසරේ සිට 2015 දක්වා මහ බැංකු අධිපතිවරයා ලෙස මහබැංකුවේ මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමිනුයි මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ. අදාළ පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට කබ්රාල් මහතාගේ නීතිඥවරුන් විරෝධතා ඉදිරිපත් කළා.
ඒ පිළිබද නියෝගය අප්‍රේල් 6 වනදා ප්‍රකාශයට පත්කරන බවයි මහේස්ත්‍රාත්වරයා පැවසුවේ. එතෙක් ඔහුගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරුණා.