fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව අද තීරණාත්මක තරඟයකට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 12:07

ශ්‍රී ලංකාව අද තීරණාත්මක තරඟයකට

ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාව අද තීරණාත්මක තරගයකට මුහුණ දෙනවා.

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර මෙම තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ සෙන්ට් ජෝර්ජ් ක්‍රීඩාංගණයේදීයි. රටවල් දෙකම මේ වන විට තමන් මුහුණ දුන් තරග දෙකම ජයගනිමින් ප්‍රබල ස්ථානයක පසුවනවා.

අද තරගය ජයගන්නා කණ්ඩායමට බොහෝ විට අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගතහැකි බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ලෝකශූර ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට ප්‍රබල ස්ථානයක පසුවනවා.

ශ්‍රී ලංකාවද මෙම තරගාවලියේදී දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය පරාජය කරමින් ප්‍රබල ස්ථානයකට පත් වුණා.

ඒ අනුව අද තරගය තියුණු එකක් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 12:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්