අද සිට විදුලි කප්පාදුව නවත්වන බව විදුලිබල ඇමති කියයි
Related Articles
විදුලි ගාස්තු අද සිට සියයට හැටහයකින් ඉහළ නැංවෙනවා. ඒ සමග අද සිට විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.
මේ අතර විදුලි ගාස්තු සංශෝධනයත් සමග අඛණ්ඩව විදුලිය සැපයීම, අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන හා රජයේ අධ්‍යාපන ආයතන සදහා සූර්ය පැනල ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාටත් අදාළ නිලධාරීන්ටත් උපදෙස් දී තිබෙනවා.
ලංකා විදුලිබිල මණ්ඩලයේ ගාස්තු සංශෝධන යෝජනාවට පසුගිය ජනවාරි 5 වනදා කැබිනට් අනුමැතිය හිමිවුණා. ඒ සදහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවූයේ ඊයේ දිනයේදීයි. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මාධ්‍ය හමුවක් අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.
මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසන්නේ විදුලි මිල ඉහළ දැමීමත් සමග පාරිභෝගිකයින් අන්ත අසරණ තත්ත්වයට පත්වන බවයි. විදුලි සැපයුම ලබාගන්නාවිට අයකරන තැන්පත් මුදල මේ වනවිට රුපියල් බිලියන 25 ක් බවත් බිල ඉහළ නොදමා එම මුදලෙන් පාඩුව පියවා ගන්නා ලෙසත් ඔවුන් දන්වා සිටිනවා.