fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 34 කට පසු ජනරජ පෙරහරක් ලබන 19 වනදා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2023 17:51

වසර 34 කට පසු ජනරජ පෙරහරක් ලබන 19 වනදා

75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ලබන 19 වනදා මහනුවර නගරයේදී ජනරජ පෙරහරක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

පෙරහරේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට නියමිතයි. මහනුවර මගුල් මඩුව භූමියෙන් ආරම්භ වන පෙරහර දළදාවීථිය, යටිනුවර වීථිය, කන්ද වීථිය ඔස්සේ පැමිණ රජ වීථියට පිවිස යළි මාළිගාවට ගෙවදීමෙන් අවසන් වනවා.

වාර්ෂික ඇසළ පෙරහර මෙන්ම අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම්වලින් සමන්විතව මෙම පෙරහර ද පැවැත්වීමට නියමිතයි.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් මෙය සංවිධාන කර තිබෙනවා.

රටේ සුවිශේෂී අවස්ථාවලදී රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධාන කිරීම අවස්ථා කිහිපයකදීම සිදු වුණා.

මේ අයුරින් සංවිධාන කළ පළමු පෙරහර පවත්වා ඇත්තේ 1875 වසරේදීයි.

අවසන් වරට ජනරජ පෙරහරක් පවත්වා ඇත්තේ 1987 වසරේදීයි. ඒ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට අනුවයි.

මේ අනුව මෙවර ජනරජ පෙරහරක් පවත්වන්නේ වසර 34 කට පසුව වීම විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2023 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්