fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රීඩා අමාත්‍යාංශයේ රු,. මිලියන 39ක් අවභාවිත කිරීමට අදාල නඩුව : චමින්ද හර්ෂජිත්ට වරෙන්තු

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2023 13:32

ක්‍රීඩා අමාත්‍යාංශයේ රු,. මිලියන 39ක් අවභාවිත කිරීමට අදාල නඩුව : චමින්ද හර්ෂජිත්ට වරෙන්තු

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39 කට අධික මුදලක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව නඩුවේ පළමු සැකකරු වන චමින්ද හර්ෂජිත් යන අයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවේනුයි මෙසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හිටපු වෙළඳ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එවකට සතොස ආයතනයේ සභාපතිවරයාව සිටි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

වැඩිදුර නඩු විභාගය ලබන ජුනි මස 28 වනදා පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2023 13:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්