දුම්රිය ආසන වෙන් කර ගැනීමේ සේවාව නුගේගොඩටත්
Related Articles
නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රිය ආසන වෙන් කර ගැනීමේ සේවාව ආරම්භ කෙරුණා.
කැලණි මිටියාවතේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම මෙතෙක් සළසා තිබුණේ මාකුඹුර දුම්රිය ස්ථානයෙන්. එම පහසුකම දැන් නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ද සළසා තිබෙනවා.
අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම සේවාව ආරම්භ කෙරුණා.එහි පළමු ප්‍රවේශපත්‍රය ද මිලදී ගත්තේ අමාත්‍යවරයායි.
දෛනිකව විශාල පිරිසක් නුගේගොඩ දුම්රිය ස්ථානය භාවිත කරනවා.
එමෙන්ම කොළඹ කොටුව හා මරදාන වැනි දුම්රිය ස්ථානවලදී ආසන වෙන්කරවා ගැනීම සදහා පවතින තදබදය මගහරවා ගැනීමට මෙමගින් හැකි වනවා.
එමෙන්ම සීතාවක පුර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ආරම්භ කළ සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය ලබන 26 වනදා සිට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සඳහා වන ප්‍රවේශපත්‍ර ද නුගේගොඩ ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථානවලින් වෙන් කරවාගැනීමේ පහසුව සැළසෙනවා.
එමෙන්ම මාර්ගගත ක්‍රමයට ද එම ආසන වෙන් කරවාගත හැකියි.