ඇමෙරිකාව පසුගියදා වෙඩි තැබූ පියාසර වස්තූන් චීනයට අයත් ඒවා නොවන බව ධවල මන්දිරය පවසනවා.
පසුගිය 4 වනදා චීන කාලගුණ පරීක්ෂණ බැලුනයකට වෙඩි තබා බිම හෙළීමට ඇමෙරිකාව කටයුතු කළා.
ඉන් පසුව තවත් පියසර වස්තූන් තුනකට වෙඩි තැබූ බවටයි ඇමෙරිකාව ප්‍රකාශ කළේ.
එම පියාසර වස්තූන් පිළිබඳ චෝදනා එල්ල වූයේ චීනයටයි.
කෙසේ වෙතත් එම චෝදනාවලට පිළිතුරු ලබා දුන් චීන ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ එම වස්තූන් තම රටට අයත් නොවන බවයි.
එහෙත් පසුගිය වසර පුරා ඇමෙරිකාව අවස්ථා දහයකදී තම රටට බැලූන එවූ බව චීනය වැඩිදුරටත් කියා සිටියා.
මෙම සියලු ප්‍රකාශයන් හමුවේ ඇමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ ඇදාළ වස්තූන් චීනයේ ඒවා විය නොහැකි බවත් ඒ පිළිබද පරීක්ෂණ සිදු කරන බවයි.