අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මත් කරල් සමඟ බදුල්ල මහරෝහලේ වෛද්‍යවරයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
පස්සර කදවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව මුතියංගනය පන්සල ඉදිරිපිට වට රවුම ප්‍රදේශයේ වැටලීමක් සිදු කෙරුණා.
එහිදී පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් මත්පෙති සහ ගංජා අලෙවි කරන පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා නිලධාරින් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර ඔහු ලඟ තිබී මත් කරල් 145 ක් සොයා ගත්තා.
මෙම පුද්ගලයා බදුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි බදුල්ල මහරෝහලේ වෛද්‍යවරයෙකු බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු බදුල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.