fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාම්බෝජියාවේ අවසන් ස්වාධීන මාධ්‍ය ආයතනයත් වසා දමයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2023 14:45

කාම්බෝජියාවේ අවසන් ස්වාධීන මාධ්‍ය ආයතනයත් වසා දමයි

කාම්බෝජියාවේ අවසන් ස්වාධීන මාධ්‍ය ආයතනයත් වසා දැමීමට එරට අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.

කාම්බෝජියාවේ මහ මැතිවරණය පැවැත්වීමට තවත් මාස කිහිපයක් තිබියදීයි මෙම පියවර ගෙන ඇත්තේ. ප්‍රජාතන්ත්‍රවාදයේ හඩ නැමැති එම මාධ්‍ය ආයතනය පසුගිය සතියේ දී පළ කළ ප්‍රවෘියක් හරහා රජයේ ප්‍රතිරූපයට හානි සිදු ව ඇති බව අග්‍රාමාත්‍ය හුන් සෙන් සදහන් කරනවා. අග්‍රාමාත්‍යවරයාගේ වැඩිමහල් පුත්‍රයා ඇමෙරිකා ඩොලර් ලක්ෂයක වටිනාකමින් යුත් පැකේජයකට අත්සන් තබා ඇති බවට එම මාධ්‍ය ආයතනය ප්‍රවෘත්තියක් පළ කළා. එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනය කණගාටුව පළ කළ ද අග්‍රාමාත්‍යවරයා එම මාධ්‍ය ආයතනයේ බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කර තිබෙනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2023 14:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්