fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුලියාපිටිය මහේස්ත්‍රාත්ගේ වාහනය ඉස්සූ කොල්ලකරු අල්ලයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2023 12:36

කුලියාපිටිය මහේස්ත්‍රාත්ගේ වාහනය ඉස්සූ කොල්ලකරු අල්ලයි

කුලියාපිටිය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ නිල මෝටර් රථය කොල්ල කෑ සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු නවාතැන් ගෙන සිටි හෝමාගම ප්‍ර දේශයේ නිවාස සංකීර්ණයක අදාළ නිවස පරීක්ෂා කිරීමේ දී එහි තිබි කොල්ලකෑම් වලට යොදා ගත් ව්‍යාජ පිස්තෝල දෙකක්, උල් පිහි 4ක්, විෂ දියරයක් සහිත බෝතලයක් මෙන්ම මිරිස් කුඩු බෑගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෝටර් රථය යළි ලබා දීමට රුපියල් ලක්ෂ 5ක මුදලක් ඉල්ලා මහේස්ත්‍රාත්වරයාට අදාළ සැකකරු දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව ද සඳහන්.

ඒ අනුව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගැනුණේ.

27 හැවිරිදි සැකකරු වත්තල  ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොල්ල කෑ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2023 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්