නවසීලන්තයට හදිසි තත්ත්වයක්
Related Articles
නවසීලන්තය ගෙබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නවසීලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම කලාතුරකින් සිදු කරන අතර ඉතිහාසයේ තුන්වන වරටයි මෙලෙස හදිසි තතත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ. අද උදෑසන හදිසි තත්ත්වය සදහා වන නියෝගයට එරට හදිසි කළමනාකරණ අමාත්‍යවරයා අත්සන් තැබුවා. නොත්ලන්ඩ්, ඕක්ලන්ඩ්, බේ ඕෆ් ප්ලෙන්ටි ඇතුළු ප්‍ර දේශ රැසකට එය අදාළ වනවා. ගෙබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් නිවාස 38000කට පමණ විදුලි බලය අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ. ඕක්ලන්ඩ් නගරයේ පිහිටා ඇති මීටර 30ක් උස කුලුණක් කඩා වැටීමේ අවධානමට ලක්ව ඇති අතර ඒ අවට නිවාස 50ක පමණ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. සහන කදවුරු රැසක් ස්ථාපිත කර ඇති බවයි එරට සහන කළමනාකරණ අමාත්‍යවරයා පවසන්නේ. එමෙන්ම නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ඩොලර් මිලියන 11.5ක වටිනාකමකින් යුත් සහන පැකේජයක් ද නිවේදනය කර තිබෙනවා.