fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2023 08:51

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


ඉදිරිපැය 24 ටදිවයිනවටාවනමුහුදුප්‍රදේශසඳහාකාලගුණඅනාවැකිය

වැසි තත්ත්වය : කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුළඟ : සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය : මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැක.

මුහුදු රළ තරංග කාලය වැඩිවීම හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ රළු විය හැක.

 

ප්‍රධාන   නගර සදහා කාලගුණ අනාවැකිය                                                       දිනය :   2023-02-14
නගරය උෂ්ණත්වය(සෙඅංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 31 20 95 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මඩකලපුව 29 22 90 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
කොළඹ 30 23 85 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ගාල්ල 29 23 90 75 ප්‍රධාන වශයෙන් වැසි රහිත
යාපනය 30 24 80 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මහනුවර 30 18 95 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
නුවරඑළිය 22 7 90 45 ප්‍රධාන වශයෙන් වැසි රහිත
රත්නපුරය 34 23 95 50 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ත්‍රිකුණාමලය 29 23 85 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 30 23 85 60 ප්‍රධාන වශයෙන් වැසි රහිත
ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2023 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්