fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 19:17

ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය

ජනතාවට කඩිනම් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව වී මිලදී ගැනීමට සහ පවුල් ලක්ෂ 20 ක් සදහා සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදීමට ද තීරණය වුණා.

මතුව ඇති ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා අවම කරමින් කඩිනම් සහන සැලසීමට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කළ අතර ඒ සදහා අනුමැතිය හිමිව තිබෙනවා. මහ කන්නයේ වී මිලදී ගැනීමට සහ දිළිදු පවුල් ලක්ෂ 20 ක් සදහා මාර්තු සහ අප්‍රේල් මාස දෙකේදී සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබාදීමට නියමිතයි. 2022 වසරේ අප්‍රේල් මාසය වනවිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් 18,000කගේ හිග විශ්‍රාමික පාරිතෝෂික අරමුදල් කොටස් වශයෙන් ගෙවීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මන්දපෝෂණය තුරන් කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුව ගැබිණි මව්වවරුන් සදහා ලබාදෙන මාසික දීමනාව ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සදහා ලබාදෙන මාසික දීමනාව අඛණ්ඩව ලබාදීමටත් කටයුතු කෙරෙනවා. වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගී මූල්‍යාධාර හා සමෘද්ධි සහනාධාරය හිගයකින් තොරව අඛණ්ඩව ලබාදීමටත් කැබිනට් මණ්ඩලයේ දී තීරණය වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 19:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්