fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇසුරුම්කරණයෙන් තොර පොල්තෙල්වලත් නිෂ්පාදන සමාගම සඳහන් කළ යුතුයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 18:43

ඇසුරුම්කරණයෙන් තොර පොල්තෙල්වලත් නිෂ්පාදන සමාගම සඳහන් කළ යුතුයි

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

දේශීය වෙළෙදපොලට සැපයෙන පොල්තෙල්වල ගුණාත්මක භාවය පිළිබද සාකච්ඡාවක් වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්.

බාල ප්‍රමිතියෙන් යුතු ආනයනික පොල්තෙල් අඩු මිලට අලෙවි කිරීම නිසා ඒවා සමඟ තරඟ කිරීමට සිදුව ඇති බව පොල්තෙල් නිෂ්පාදකයන් මෙහිදී ප්‍රකාශ කළා.

ඇසුරුම්කරණයෙන් තොර පොල්තෙල්වල ගුණාත්මකභාවය පරික්ෂා කිරීමේ පියවරක් ලෙස එම තෙල් වෙළෙදපොලට නිකුත් කළේ කුමන සමාගමක්ද යන වග පොල්තෙල් අලෙවිකරුවන් සඳහන් කළ යුතු බවට මෙහිදී අවධාරණය කෙරුණා.

ඒ සඳහා පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබාදුන්නේ.

පොල්තෙල් ආනයන කරුවන්ට ලබා දී ඇති බදු සහනය හේතුවෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් අසීරුතාවයට පත්ව ඇති බව මෙහිදී හෙළි කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 18:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්