fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම සාකච්ඡාවක

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 17:36

විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම සාකච්ඡාවක

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසන් සභාව ලබන 15 වනදා අවසන් තීරණය දැනුම් දීමට නියමිතයි. ඊට පෙර විදුලිබල මණ්ඩලය සහ එම කොමිසන් සභාව සාකච්ඡා කළ යුතු බවට ජාතික සභාව දැනුම් දීමත් සමඟ අදාළ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟතාව පළකලා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

විදුලිබල මණ්ඩලය සියයට හැටක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින පසුබිමක අවශ්‍ය ප්‍රතිශතය වැඩි කිරීමට අවසර නොලැබුණහොත් බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී පැවසුවා.

ඔහු පැවසුවේ ගල් අඟුරු ආනයනයට පවා මුදල් නොමැති වීම නිසා දීර්ඝ විදුලි කප්පාදුවකට යාමේ අවදානමක් පවතින බවයි.

මෙහිදී මහජන උපයෝගීතා කොමිසන් සභාවේ නිලධාරීන් පැවසුවේ ගාස්තු වැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය ලබන 15 වනදා දැනුම් දෙන බවයි.

මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ වන විට විදේශගතව සිටීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුවුණා.

එහිදී කොමිසමේ ලේකම්වරිය පැවසුවේ මීට මාස ගණනාවක පෙර සැලසුමකට අනුව නිසි අවසරයකින් පසු ඔවුන් විදේශ ගතවී ඇති බවයි.

විදුලිබල මණ්ඩළය සහ උපයෝගීතා කොමිසම සාකච්ඡා කර එක් මතයකට පැමිණීමේ වැදගත්කම ජාතික සභාව මෙහිදී අවධාරණය කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 17:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්