fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අරගලයට සම්බන්ධ තවත් නඩුවක් ජුනි 19 කැඳවීමට නියෝග

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 17:23

අරගලයට සම්බන්ධ තවත් නඩුවක් ජුනි 19 කැඳවීමට නියෝග

අරගලයට පහරදීමට අදාළ නඩුවට පෙනී සිටීමට විත්තිකරුවන් පැමිණෙන අවස්ථාවේ අධිකරණයට ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකළ 8 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව වැඩිදුර වාර්තා සඳහා ලබන ජුනි 19 වනදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඉකුත් වසරේ ජූලි මස 25 වනදා අරගලකරුවන්ට පහරදීමට අදාළ නඩුවට පෙනී සිටීම සදහා පාර්ලිගමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු පිරිසක් කොටුව මහාධිකරණයට පැමිණෙන අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ බවට 8 දෙනෙකුට එරෙහිව කොම්පඤ්ඤවීථිය පොලීසිය නඩුවක් ගොනුකර තිබුණා.

දමිතා අබේරත්නල ජෝසප් ස්ටාලින්, රතිදු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු 8 දෙනෙකුට එරෙහිවයි එම නඩුව ගොනුකර තිබෙන්නේ. එහි වැඩිදුර වාර්තා සදහා ලබන ජුනි මස 19 වනදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද ස්වාමීන් වහන්නසේ සහ ජගත් මනුවර්ණ ඇතුළු 3 දෙනෙකු අධිකරණයේ පෙනී නොසිටි අතර ඊට හේතු ඉදිරි දිනයේ අධිකරණයට දන්වන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 17:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්