විදේශ රැකියා ක්ෂේත්රය කඩිනමින් ඩිජිටල්කරනයට ලක් කරන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ශ්‍රමිකයින් බදවා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල් කරන ලෙස ඕමානයේ ශ්‍රමිකයින් බදවා ගැනීමේ ආයතනය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි ඒ මහතා මේ බව කියාසිටියේ.
විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල් කරනය කිරීම තුළින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවා ගැනීමේ ක්රියාපටිපාටියේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි ඕමානයේ ශ්‍රමිකයින් බදවා ගැනීමේ ආයතනය පෙන්වා දෙන්නේ. ඕමානයේ සිටින ශ්‍රමිකයින් බදවා ගැනීමේ ආයතනයේ ප්‍රධානීන් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග පසුගියදා සාකච්ඡාවකට එක්වුණා. ඒ අමාත්‍යවරයා ඕමානයේ කළ සංචාරයකදීයි. එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. මෙහිදී අමාත්‍යවරයා සහතික වී ඇත්තේ ඉතා කඩිනමින් අදාල කටයුතු සිදුකරන බවයි. අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඕමානයේ සිව්දින නිල සංචාරයක නිරතව සිටිනවා.