fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක ගුවන් විදුලි දිනය අදයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 11:01

ලෝක ගුවන් විදුලි දිනය අදයි

ලෝක ගුවන් විදුලි දිනය අදයි. යුනෙස්කෝ සංවිධානය සෑම වසරකම පෙබරවාරි 13 වනදා ලෝක ගුවන්විදුලි දිනය ලෙස නම් කර තිබෙනවා.

මෙවර ලෝක ගුවන්විදුලි දිනයේ තේමා වන්නේ ගුවන්විදුලිය සහ සාමයයි. රැහැන් රහිත විදුලි සන්දේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාග හිමිකරගත් ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි ගුවන් විදුලියේ නිර්මාතෘ වනවා. ස්පාඤ්ඤ ගුවන්විදුලි ඇකඩමිය ලෝක ගුවන් විදුලි දිනය පිළිබද යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළේ 2010 සැප්තැම්බර් මාසයේදීයි. 2012 වසරේදී පළමු ලෝක ගුවන්විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ඔවුන්ගේ රාජ්‍යවල පැවැත්වුවා. ඒ ගුවන්විදුලි යන්ත්‍රය සොයාගෙන වසර 118කට පසුවයි. මෙරට ගුවන්විදුලි ඉතිහාසයට මේ වන විට දශක නවයක් පමණ වනවා. 1920 දශකයේ සිට මෙරට ජන හදවත්වලට ගුවන්විදුලිය සමීප වූයේ රසාස්වාදය මෙන්ම දැනුම ද සපයමින්.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්