fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගනේමුල්ලේ සංජීව හා ඩුබායි ලහිරුගේ ගෝලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 10:02

ගනේමුල්ලේ සංජීව හා ඩුබායි ලහිරුගේ ගෝලයෙකු අත්අඩංගුවට

විදෙස් රටක සිටින ගනේමුල්ලේ සංජීවගේ හා ඩුබායි ලහිරු යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා මෙරට සිට අපරාධ රැසක් සිදුකර ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටයි හෙළිවී තිබෙන්නේ. විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදීයි සැකකරු ගනේමුල්ල පහළ යාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශයක සැගව සිටින ගනේමුල්ල සංජීව සහ ඩුබායි ළහිරු නමැති සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබදතා පවත්වමින් මෙම පුද්ගලයා ගිනි අවි ප්‍රවාහනය,  මනුෂ්‍ය ඝාතන සදහා ආධාර අනුබල දීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම යන අපරාධ මෙහෙයවා ඇති බවටයි හෙළිවී තිබෙන්නේ. වයස අවුරුදු 28 ක් වන සැකකරු ළග තිබී හෙරොයින් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 640 ක්,  ටී 56 ජීව උණ්ඩ 98 ක් ජංගම දුරකතනයක් ද සොයාගැණුනා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2023 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්