අර්තාපල් ආනයනය කිරීමේ දී බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙනවා.
මහකන්නයේ දේශිය අර්තාපල් අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. වැළිමඩ සානුවේ බොරලන්ද රහංගල ආදී ප්‍රදේශවල විශාල ලෙස අස්වනු නෙළීම සිදුවනවා. අර්තාපල් ගොවීන් පවසන්නේ ආනයනික අර්තාපල් වෙළද පොලට පැමිණීම හේතුවෙන් තම අස්වනු විකුණා ගැනීමට අපහසු වී ඇති බවයි. එසේම ආනයනික අර්තාපල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 110ත් 120ත් අතර මිලකට බවයි ගොවීන් පවසන්නේ. පොහොර මිල අධික වීම සහ බීජ මිල අධික වීම හේතුවෙන් අර්තාපල් කිලෝවක් 120ක මිලකට ලබාදීමට නොහැකි බවයි ගොවීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ අතර වැළිමඩ බොරලන්න ප්‍ර දේශයේ අර්තාපල් වගාවේ අස්වනු නෙළීමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්වුණා. එහිදි අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZZ-KXMmTo8k”]