බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගැනේ
Related Articles
බොල්ගොඩ ගඟේ හිරණ පාලම යට පාවෙමින් තිබූ මළ සිරුරක් බණ්ඩාරගම පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයා කැස්බෑව ජබුරලිය ප්‍රදේශයේ පෙදරේරුවෙකු ලෙස රැකියාව කළ පුද්ගලයෙකු බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ. 54 හැවිරිදි එක්දරු පියෙකු වන මෙම පුද්ගලයා පසුගිය සිකුරාදා සිට අතුරුදන්ව සිට තිබෙනවා. මොහු දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවී සිටි ඇති අතර මත්පැන් පානය සඳහා හිරණ ප්‍රදේශයට පැමිණීම පුරුද්දක් ලෙස සිදුකළ බවටයි තොරතුරු හෙළිවී තිබෙන්නේ.