fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2023 12:07

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙයි

අර්තාපල් ආනයනය කිරීමේ දී බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

මහකන්නයේ දේශිය අර්තාපල් අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.වැළිමඩ සානුවේ බොරලන්ද රහංගල ආදී ප්‍රදේශවල විශාල ලෙස අස්වනු නෙළීම සිදුවනවා. අර්තාපල් ගොවීන් පවසන්නේ ආනයනික අර්තාපල් වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් තම අස්වනු විකුණා ගැනීමට අපහසු වී ඇති බවයි. එසේම ආනයනික අර්තාපල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 110ත් 120ත් අතර මිලකට බවයි ගොවීන් පවසන්නේ. පොහොර මිල අධික වීම සහ බීජ මිල අධික වීම හේතුවෙන් අර්තාපල් කිලෝවක් 120ක මිලකට ලබාදීමට නොහැකි බවයි ගොවීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2023 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්