fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවර වෙරළ වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේදී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2023 15:46

මෙවර වෙරළ වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේදී

ලෝක ආරක්ෂක සේවා කවුන්සිලය 4වන වරටත් සංවිධාන කරන වෙරළ වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

අද සිට ලබන 18 වනදා තෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සත්කාරකත්වය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති. රටවල් 10ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

මීගමුව වෙරළ තීරයේදී මෙම වෙරළ වොලිබෝල් තරගාවලිය පැවැත්වෙනවා. පිරිමි ඉසව්ව යටතේ කණ්ඩායම් 16ක් සහ කන්තා ඉසව් යටතේ කණ්ඩායම් 12ක් සහභාගී වන බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය වූයේ.

2014 වසරේදී ජර්මනියෙන් ආරම්භ වූ මෙම තරගාවලිය මීට පෙර බ්‍රසීලයේ සහ චීනයේ පවත්වා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2023 15:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්